ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

ආදි ශිෂ්‍ය සංගමය (2009-2023)

මුල් පිටුව /  ආදි ශිෂ්‍ය සංගමය (2009-2023)

1961 අංක 27 දරණ රාජ්‍ය චක්‍රලේඛය ප්‍රකාරව වර්ෂ 2009 ජුලි මස 12 වෙනි දින පිහිටුවන ලද මාතර කොටුව ජනාධිපතී විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය, මෙම පාසලේ ආදී සිසුන් නිළ වශයෙන් නියෝජනය කිරීම සිදුකරනු ලබයි. 2009 වර්ෂයේ පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කළ ඩී. සුදුසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ මාතර කොටුව ජනාධිපති විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය නිළ වශයෙන් පිහිටුවා ආරම්භ කිරීමට කටයුතු කරන ලදී.
පළමු ආදිශිෂ්‍ය සංගමයේ ගරු සභාපති ලෙස විදුහල්පති ඩී.සුදුසිංහ මහතා කටයුතු කළ අතර, ආරම්භක නිළ වරණයේදී උප සභාපති ලෙස පී.බී ප්‍රේමරත්න, ගරු ලේකම් වශයෙන් ඩබ්.ඒ. එරංගා සංජීවනී, ගරු භාණ්ඩාගාරික තනතුර සදහා ඒ.ඩබ්.පී රවින්ද්‍ර සහ විගණන පරීක්‍ෂක ලෙස ඒ.ජී. මහේෂ් යන මහත්ම මහත්මීන් තෝරා පත්කර ගන්නා ලදී. වාර්ෂික මහසභා රැස්වීමේදී බහුතර කැමැත්ත මත උප සභාපති, ලේකම්, උප ලේකම්, භාණ්ඩාගාරික සහ කාරක සභිකයින් පත් කර ගැනීම සිදුකරනු ලබන අතර, පාසලේ විදුහල්පතිතුමා හෝ තුමිය ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරය හොබවනු ලබයි.
පාසලේ පවතින අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින් පාසල සමග එකමුතුව අධ්‍යාපනික, ක්‍රිඩා මෙන්ම ජනපති දරුවන්ගේ පෞරුෂ වර්ධනයට අවශ්‍ය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය සහයෝගය ලබා දීම ආදි ශිෂ්‍ය සංගමයේ මුලික වගකීම වී ඇත. එමෙන්ම ආදි සිසුන්ගේ එකමුතුව සහ සුබසාධනය වර්ධනය කිරීම සදහා අවශ්‍ය විවිධ වැඩසටහන් සංවිධානය කිරීමද ආදි ශිෂ්‍ය සංගමය විසින් සිදුකරනු ලැබේ.
එමෙන්ම මාතර ජනාධිපති විද්‍යාලයට පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ සම්මුඛ පරීක්‍ෂණයේදී ආදි සිසුන් නියෝජනය කිරීමට බලයලත් එකම පාර්ශවය වන්නේ මාතර ජනාධිපති විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය වේ.
වත්මන් නිළධාරී මණ්ඩලය (2021-2023)
• ගරු සභාපති - යුජී මුණසිංහ (විදුහල්පති)
• ගරු උප සභාපති - ආනන්ද ජයලත් මහතා
• ගරු ලේකම් - කේ.ටී මින්දික මහතා
• ගරු භාණ්ඩාගාරික - ටී. ගුණවර්ධන මහතා

යු.ජී මුණසිංහ මහතා

යු.ජී මුණසිංහ මහතා

මාතර ජනාධිපති විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ලෙස පාසලේ නව නිළ වෙබ් අඩවිය සදහා සුබපැතුම් පණිවුඩයක් තැබීමට හැකිවීම මා ලද ගෞරවයක් සේම වරප්‍රසාදයක් කොට සලකන අතර ඒ පිළිබදව මා නිහතමානීව ආඩම්බරයට පත්වෙමි. ලොව පුරා විසිරි සිටින අපගේ ආදි සිසුන් පාසල සමග සම්බන්ධ කිරීම මෙන්ම අපගේ ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු බෙදාහැරීම සඳහා මෙම නව වෙබ් අඩවිය විශේෂයෙන්ම ප්‍රයෝජනවත් වනු ඇතැයි මම විශ්වාස කරමි. ආදි ශිෂ්‍ය සංගමයේ නවතම ප්‍රවෘත්ති ඇතුළුව පාසලෙහි විවිධ ඓතිහාසික හා සංස්කෘතික ක්‍රියාකාරකම් පහසුවෙන් පරිශිලනය කිරීමට මෙමගින් පහසුවනු ඇත.

අපගේ ඉදිරි සංවර්ධන උපාය මාර්ගයේ කොටසක් ලෙස අපගේ පාසලේ අධ්‍යාපන, ක්‍රිඩා හා බාහිර ක්‍රියාකාරකම් වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපි අපේක්ෂා කරමු. ඒ සදහා ආදි සිසිුන් වන ඔබ සැමට අවශ්‍ය ශක්තිය හා ධෛර්ය ලැබේවායි මම ප්‍රාර්ථනය කරමි.
මෙම වෙබ් අඩවිය ආරම්භ කිරීම උදෙසා මුලික වු පාසලේ ආදි ශිෂ්‍ය කසුන් හේලික, දුෂාන් විදුරංග, රුමේෂ් මානගේ, අරවින්ද කොඩිකාර යන මහත්වරුන්ට සහ නිලුෂිකා හර්ෂණී මහත්මියටත්, වෙබ් නිර්මාණ දායකත්වය දැක්වු ආදි ශිෂ්‍ය ලසාන් කෞශල්‍ය මහතා ප්‍රමුඛ මේ සදහා වෙහෙසු විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමයට මාගේ ප්‍රණාමය පළ කරමි.

චමින්ද ගුණවර්ධන (විදුහල්පති)
මාතර කොටුව ජනාධිපති විද්‍යාලය

ආනන්ද ජයලත් මහතා

ආනන්ද ජයලත් මහතා

මාතර කොටුව ජනාධිපති විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් විසින් පාසල වෙනුවෙන් නිර්මාණය කරන ලද නව වෙබ් අඩවිය සදහා ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපතිවරයා වශයෙන් සුබ පැතුම් පණිවුඩයක් තැබීමට හැකිවීම පිළිබදව මා ඉමහත් සතුටට පත්වෙමි.

මාතර නගර මධ්‍යයේ පිහිටි අනෙකුත් පාසල් හා සැසදීමේදී අප පාසලේ භෞතික සම්පත් අවම නමුත්, විනය සහ හික්මීම ප්‍රධාන කොටගත් අධ්‍යාපනය සහ විෂය බාහිර ක්‍රියාකාරකම් තුළින් මනා ඵල නෙළා ගන්නා සිසු සම්පතක් අපට හිමිව තිබීම ආඩම්බරයෙන් යුතුව සිහිපත් කරමි.

මෙම වෙබ් අඩවිය තුළින් පාසලේ දරුවන්ට මෙන්ම ලොවපුරා විසිරි සිටින ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසල හා සම්බන්ධවීමටත් තොරතුරු බෙදා ගැනීමටත් හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරමි.

මෙම කර්තව්‍ය සදහා මුලිකත්වය ගත් ආදි ජනපතීන් සියළුම දෙනාට මාගේ හෘදයාංගම ස්තූතිය පළ කරමි.

ආනන්ද ජයලත්
උප සභාපති - ආදි ශිෂ්‍ය සංගමය

This content is temporarily unavailable

This content is temporarily unavailable

This content is temporarily unavailable

ආදිශිෂ්‍ය සංගමයේ නිළධාරී මණ්ඩලය

ගරු ලේකම් - කේ.ටී. මින්දික මහතා

ගරු ලේකම් - කේ.ටී. මින්දික මහතා

ගරු භාණ්ඩාගාරික  - ටී. ගුණවර්ධන මහතා

ගරු භාණ්ඩාගාරික - ටී. ගුණවර්ධන මහතා

ආදිශිෂ්‍ය සංගමයේ ව්‍යාපෘති සහ වැඩසටහන්

ද්වි ශතක අභිමන් පාගමන - 2018

මාතර ජනාධිපති විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද “ද්විශතක අභිමන් පා ගමන” 2018 ජුනි මස 24…

පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමට සිටින දරුවන් සදහා පෙරහුරු ප්‍රශ්නෝත්තර කට්ටලයක් නොමිලයේ ලබා දීම

පාසලේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සෑම වසරකම 5 වසර ශිෂ්‍යත්ව කඩඉම් විභාගයට මුහුණ දීමට සිටින සිසු දරු දැරියන්…

ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වන සියළුම දරු දැරියන්ට වටිනා පාසල් උපකරණ කට්ටලයක්....

සෑම වසරකදීම පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වන සියළුම දරු දැරියන්ට රු.5000 ක වටිනාකමින් යුත් පාසල් උපකරණ…

ආදි ජනපතීන්ගේ සුහද ක්‍රිකට් තරගාවලිය 2018

මාතරට නවමු වෙනසක් ඇති කිරීමේ තවත් එක් ව්‍යාපෘතියක් ලෙස ආදි ජනපතීන් අතර සුහදතාවය වර්ධනය කිරීමට සහ පාසලේ…

ආදි ශිෂ්‍ය සුහද ක්‍රිකට් තරගාවලිය

ආදි ශිෂ්‍යයින් ප්‍රවර්ධනය කිරීමට සහ ඔවුන්ගේ සුහදතාවය වර්ධනය කර ගැනීම සදහා ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය…

සාමාජිකත්වය ලබා ගැනීම

සමාජිකත්වය
1. මාතර කොටුව ජනාධිපති විදුහලෙහි අධ්‍යාපනය ලබා පාසලෙන් නික්ම ගිය/යන, වලංගු පාසල හැරයාමේ සහතිකයක් සහිත ඕනෑම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවක් මෙම සංගමයේ සමාජිකත්වය ලබා ගැනීමට සුදුසුකම් ලබයි.
2. සාමාජිකත්වයේ ස්වභාවය යාවජීව වේ.
3. ලියාපදිංචි ගාස්තුව වශයෙන් රු. 200 ක මුදලක් සහ වාර්ෂික සාමාජික ගාස්තු ලෙස රු. 1000 මුදලක් සංගමය වෙත ගෙවිය යුතුය.
4. සාමාජිකත්වය ලබා ගැනීම සදහා නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත, පාසල හැරයාමේ සහතිකය අයදුම්කරුගේ උඩුකය ඡායාරූපයක් සමග පහත ලිපිනයට හෝ ඊමේල් ලිපිනයට යොමු කරන්න.

ලේකම්
ආදි ශිෂ්‍ය සංගමය
ජනාධිපති විද්‍යාලය
කොටුව, මාතර.

janadipathivm@gmail.com

සාමාජික අයදුම්පත බාගත කරන්න