ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

පසුගිය විදුහල්පතිවරුන්

මුල් පිටුව /  පසුගිය විදුහල්පතිවරුන්

මාතර ජනාධිපති විද්‍යාලය වර්තමාන තත්වයට ගෙන ඒම සදහා ඔවුන් මහත් වෙහෙසක් දරා ඇත. පාසලේ කීර්තිනාමය වෙනුවෙන් ඔවුන් සියළුම දෙනා සිදුකරන ලද කැපකිරීම සහ සේවය අප නිරතුරුව ඉතා ගෞරවයෙන් යුතුව සිහිපත් කරමු. 

ජෝර්ජ් අර්ස්කිං පියතුමා

ජෝර්ජ් අර්ස්කිං පියතුමා

1814-1815

ජෝර්ජ් අර්ස්කිං පියතුමා 1781 දී අයර්ලන්තයේ ටිරෝන් හි උපත ලැබීය. වර්ෂ 1809 දී ඔහු මෙතෝදිස්ත දේවස්ථානයට පුජකයෙකු වශයෙන් ඇතුල්වු අතර, මෙතෝදිස්ත දහම ප්‍රචාරණය කිරීම සදහා 1814 ජුනි මස 29 ශ්‍රි ලංකාවට ගොඩබට පුරෝගාමි වෙස්ලියානු මෙතෝදිස්ත මිෂනාරිවරයෙකි. මාතර මෙතෝදිස්ත පාසල ආරම්භ කිරීමේ පුරෝගාමියා වන්නේ මෙම පුජකතුමයි. ඔහු 1814 අගෝස්තු 07 වන දින මාතර ලන්දේසි බලකොටුව තුල පිහිටි ලන්දේසි පල්ලියේදී ඉංග්‍රිසි පාසල ආරම්භ කර ඇත. පසුව මොහු රෝගාතුර වීම හේතුවෙන් නැවත ගාල්ලට පැමිණි අතර, ගාල්ලේ පාසල හොවත් වත්මන් රිච්මන්ඩ් විද්‍යාලය භාරව කටයුතු කර ඇත. ඉන්පසු ඔහු ත්‍රිකුණාමලයටත් එතැනින් කොල්ලුපිටිය ප්‍රදේශවල මෙතොදිස්ත දහම සහ ඉංග්‍රිසි භාෂාවන් ප්‍රචලිත කිරීම සදහා කටයුතු කර ඇත. මොහු 1821 දී මෙම දිවයිනෙන් පිටත්ව එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති අතර, 1822 නොවැම්බර් මාසයේදී එංගලන්තයේ සිට ඕස්ට්‍රේලියාවේ වෙත සංක්‍රමණය වී ඇත. 1823 අප්‍රේල් 02 දින මොහු ලයිඩා මැක්ඩුඅල් සමග විවාහ විය. මෙම යුවල නිව් සවුත් වේල්සයේ වින්ඩ්සර් ග්‍රාමයේ ඉඩමක් මිලදී ගත් අතර, 1830 දී ඔහු එහි අලංකාර නිවසක් තනා ඇත. එය අදටත් Erskine Villa ලෙස හදුන්වයි. එහෙත් අලුතින් සාදන නිවසේ වැඩි කාලයක් ඔහුට ජීවත්වීම සදහා වාසනාවක් නොලැබිණ. ඔහු 1834 අප්‍රේල් 24 වන දින ඔහුගේ නිවසේදීම අභාවප්‍රාප්ත වී ඇත. 1834 අප්‍රේල් 24 දිනැති ඕස්ට්‍රේලිියානු රජයේ ගැසට් නිවේදනයේ කුමාර වීදිය (Prince Street) ලිපිනයේ පදිංචිව සිටි පුජක ජෝර්ජ් අර්ස්කින් මිය ගොස් ඇති බව සදහන් වේ. මොහු පුතුන් සිව් දෙනෙකු සහ දුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත දරුවන් හත්දෙනෙකුගේ පියෙකි.

හිටපු විදුහල්පතිවරුන්

Rev. Ekhardt

1816 - 1816

Rev. John Collaway

1817 - 1819

Rev. Alexendar Hume

1820 - 1822

Rev. William Alexender Lalmon

1823 -

Rev. John Collaway

1824 -

Rev. James Sutherland

1825 -

Rev. William Bidgnel

1826 - 1831

Rev. Elijha Toyne

1832 -

Rev. Daniel D Perira

- 1833

Rev. Daniel James Gogerly

1834 - 1837

Rev. William Alexender Lalmon

1838 - 1839

Rev. John A Poulier

- 1840

Unidentified

1841 - 1844

Rev. John A Poulier

1845 -

Rev. C. de Hoddet

1846 - 1849

Rev. William Alexender Lalmon

1850 - 1856

Mr. Louis Cornelius Wijesinghe

1857 -

Rev. Daniel Henrry Perera

1858 - 1860

Unidentified

1861 - 1864

Rev. Peter Perera

1865 -

Unidentified

1866 - 1869

Rev. James Alfred Sparr

1870 - 1871

Mr. Don David Perera

1872 - 1873

Rev. James Nicholson

1874 - 1876

ලයනල් ද සිල්වා මයා

1960 - 1963

එල් ජයවර්ධන මයා

1963 - 1965

එච්.ඒ.ඩබ්. දිසානායක මිය

1965 - 1968

ඒ.පී. ජොසිනෝනා මිය

1968 - 1971

පී.කේ ගුරුගේ මිය

1971 - 1972

බී ජිනදාස මිය

1972 - 1995

ඩී. සුදුසිංහ මයා

1995 - 2014

කේ.ඩබ්. කරුණානන්ද මයා

2014 - 2016

එම්.බී. විනීතා මිය

2016 - 2018

චමින්ද ගුණවර්ධන

2018 - 2021