ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

ක්‍රිඩා ජයග්‍රහණ

මුල් පිටුව /  ක්‍රිඩා ජයග්‍රහණ

සමබර දරුවෙකු නිර්මාණය කිරීම සදහා අධ්‍යාපනය මෙන්ම ක්‍රිඩාවද ප්‍රධාන මෙහෙයක් ඉටුකරනු ලබයි. ක්‍රිඩාව දරුවෙකු සතු විනය, හික්මීම, ශාරිරික සහ මානසික ඒකාග්‍රතාවය, දරාගැනීමේ ශක්තිය වැනි විවිධ පැතිකඩ සංවර්ධනය කිරීමට ඉවහල්වේ. මාතර ජනාධිපති විදුහලෙහි පවතින ප්‍රධානතම අවශ්‍යතාවය වනුයේ දරු දැරියන්ට ක්‍රිඩා කිරීමට අවශ්‍ය ඉඩපහසුකම් නොමැති වීමය. එවැනි මුලික අවශ්‍යතාවයන් අභියෝගයන්ට ලක් කරමින් ක්‍රිඩාවෙන් දස්කම් දැක්වු දරු දැරියන් ලබාගත් ජයග්‍රහණ පාසලේ අභිමානය තව තවත් ඔපවත් කිරීමට දායක වී ඇත.

මාතර කොටුව ජනාධිපති විද්‍යාලයේ තුන්වන (03) ශ්‍රේණියේ ඉගෙනුම ලබන නදීෂ ලක්මිණ සායක්කාර පුතණුවන් විසින් මෙවර කොරියානු තානාපති සහ කුකිවොන් කුසලාන ටයිකොණ්ඩො තරගාවලියේ අවු. 09 කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීමට සමත්විය.
සමස්ථ ලංකා පාසල් ටයිකොන්ඩෝ තරගාවලිය 2018  (57-62 kg ගැහැණු) -  රිදී පදක්කම