ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

අප ගැන

මුල් පිටුව /  අප ගැන

පාසල් හදුන්වාදීම

දකුණුලක මාතර නගරය මධ්‍යයේ සුවිසල්ව නැගීසිටින ඓතිහාසික පෘතුගීසි බලකොටුව ඇතුළත පිහිටා ඇති මාතර ජනාධිපති විදුහල රජයේ මිශ්‍ර පාසලකි. ක්‍රි.ව 1814 අගෝස්තු මස 08 දින පුජ්‍ය ජෝර්ජ් අර්ස්කින් නැමැති වෙස්ලියානු මෙතොදිස්ත පුජකතුමන් විසින් මෙම පාසැල වෙස්ලියන් මිෂනාරී පාසලක් ලෙස ආරම්භකර ඇත. එමෙන්ම ශ්‍රි ලංකාවේ දෙවැනි පැරනිතම පාසල වන්නේද මෙම පාසලයි. එවකට ස්වදේශික උසස් පවුල්වලට අයත් දරුවන් සදහා ඉංග්‍රිසි අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව මෙමගින් හිමිව ඇති අතර, මුල් කාලවකවානුවේදී ලමුන් 40-50 ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය ලැබු බව ඉතිහාසයේ සදහන් වේ. වර්තමානයේදී මෙම පාසලේ ප්‍රාථමික සහ ද්විතීයක අධ්‍යාපනය ලබන ළමුන් 2000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර, ඉතා පළපුරුදු සහ අත්දැකීම් වලින් පරිපුර්ණ 100 කට ආසන්න ගුරු මණ්ඩලයකින් සමන්විතය

අපගේ දැක්ම

නැණ ගුණ දමින් විශිෂ්ඨයෙකු විශ්වයට දායක කිරීම.

අපගේ මෙහෙවර

අද හෙට ලොව දකින නිර්මාණාත්මක චින්තනයෙන් හා සමබර පෞරුෂයකින් හෙබි සමාජයට ඵලදායී දරුවකු බිහි කිරීමට සියලු ශක්තීන් යොදා කැප වීම.

අපගේ පරමාර්ථ

සියලුම සිසුන් සඳහා සමාන අධ්‍යාපන අවස්ථා ලබා දීම.
දරුවන්ගේ සහජ බුද්ධිය සහ ආත්ම විශ්වාසය සංවර්ධනය කිරීම
දරුවන්ගේ ස්වයං විනය වැඩි දියුණු කිරීම
සෑම දරුවෙකුටම තම හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා ඉහළ ගුණත්වයකින් යුත් අත්දැකීම් ලබා දීම.
සමාජයීය දැනුවත්භාවය, සමූහ වගකීම සහ අවබෝධය සමාජීය සම්බන්ධතා තුලින් වර්ධනය කිරීම.
නිවස සහ පාසල අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය වර්ධනය කිරීම.
පුළුල් අත්දැකීම් ලබා දීමෙන් දරුවන්ගේ පරිකල්පනය හා නිර්මාණශීලීත්වය වර්ධනය කිරීම.
අධ්‍යාපන ප්‍රථිසංස්කරණයන්ට අනුව සියලුම දරුවන්ට පුළුල්, සමබර හා විශේෂිකරණ අංගයන්ගෙන් සමන්විත වු විෂය මාලාවක් සම්පාදනය කිරීම.
අධ්‍යාපනයට සමගාමීව ක්‍රීඩා හා බාහිර විෂය කුසලතා ඇති දරුවන් හඳුනා ගෙන ඔවුන්ට අවශ්‍ය නිපුණතා ලබා දීම.

පාසල් ගීතය

විදුණැන ගුණමිණි කිරණ බෙදාගෙන
දින දින දිදුලන ලොව දකිනෙම්.....
සිත මත බැතිමල් පොකුරු නෙලාගෙන
ජනපති විදුමව් පාද වදිම්........

හෙලසුරු හෙලවිරු හෙල විකුමන් සරු
දරුවන් දිනු මාතර පියසේ
යලි යලි නැණ හෙලි පෙහෙලි කරන්නට
අපට වරම් දෙනු මැන නොරසේ

විදුණැන.......

විදුකිරි සිසිලෙන් සිත සතපාගෙන
උදු ගුණ සරු දරුවන් විලසේ
මතු මතු ගුණමිණි මුතු අමුනන්නට
අපට වරම් දෙනු මැන නොරසේ

විදුණැන...............

පදරචනය/තනුව : එච්.ජී බන්දුලසිරි මහතා
මාතර ජනාධිපති විද්‍යාලය