ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

පාසල් ඉතිහාසය

මුල් පිටුව /  පාසල් ඉතිහාසය

පාසල් ඉතිහාසය

1813 දෙසැම්බර් 30 දින එංගලන්තයේ පෝර්ට්ස්මත් වරායේ සිට පූජ්‍ය ආචාර්ය තෝමස් කෝක්ගේ නායකත්වයෙන් යුත් වෙස්ලියානු මෙතෝදිස්ත මිෂනාරිවරුන් කණ්ඩායමක් පිටත් වූයේ ආසියානුවන්ට ශුභාරංචිය දේශනා කිරීමේ මෙහෙවරටය. කෝක් මුහුදු ගමනේදී  මිය ගිය අතර අනෙක් මිෂනාරිවරුන් 1814 මැයි 31 දින ඉන්දියාවේ බෝම්බායට සේන්දුවිය.1814 ජුනි 20 දින ඔවුන් හාවර්ඩ් සහ ඔහුගේ අපේක්ෂිත භාර්යාව බොම්බායේ නවතා ලංකාවට ඒමට පටත්වී දින නවයකට ආසන්න කාලයක් ගත වූ පසු, 1814 ජුනි 29 දින සවස  ඔවුන් ගාලු වරායට  නිරුපද්‍රිතව ළඟා විය. ගාලු වරායේ වරායේ ප්‍රධානියා වූ හර්ෂෙල් ගිබ්සන් වරායට පිවිසීමට නොහැකි නැව් දෙකෙන් මෙම පිරිස ගෙන ඒම සදහා කුඩා බෝට්ටු දෙකක් පිටත්කර හරින ලදී. බෙන්ජමින් ක්ලෝ, තෝමස් හෝල් සහ ජේම්ස් ලින්ච් යන පුජකවරුන් තිදෙනා පළමු කුඩා බෝට්ටුවෙන් ගොඩබිමට  පැමිනියහ. විශාල ප්‍රමාණයේ  දෙවැනි බෝට්ටුවේ ඔවුන්ගේ ගමන් මළු සමග පුජ්‍ය අර්ස්කින් සහ ඕල්ට් රැගෙන ගොඩබිමට ඒමට පිටත් විය. තද සුළං සහ දියවැල් හේතුවෙන් ගසාගෙන ගිය පුජ්‍ය අර්ස්කින් සහ ඕල්ට් රැගත් යාත්‍රාව බෙලිගම (වර්තමානයේ වැලිගම) බොක්ක වෙත නිරුපද්‍රිතව සේන්දු විය. ඔවුන් ජුනි 30 වනදා උදෑසන වැලිගම සිට ගොඩබිම් මාර්ග ඔස්සේ ගාල්ලට සේන්දු විය.

එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ රොබර්ට් බ්‍රවුන්රිග්ට කල්කටාවේ ආණ්ඩුකාර ශ්රීමත් නේපියර් මෙම මිෂනාරීවරුන්ගේ ආගමනය දන්වා තිබුණේ ය.  මිෂනාරිවරුන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ගාල්ලේ අණදෙණ නිලධාරි මොලෝස්වර්ත් සාමිවරයාට රැජිනගේ නොහොත් රජයේ නිල නිවාසය මිෂනාරිවරුන්ට නවාතැන් ගැනීමට සකස් කරන  ලෙසට උපදෙස් ලබා දුන්නේය. මොලෝස්වර්ත් මිෂනාරිවරුන් සුහදව පිළිගෙන ගාලු කොටුවේ පැරණි ලන්දේසි පල්ලියේ  දේව මෙහෙයක් පවත්වන ලෙසට ආරාධනා කළේය. 1814 ජුලි 30 වැනි දින, පූජ්‍ය රොබර්ට් හෝල් ස්ක්වොන්ස්  රටේ ප්‍රථම වරට මෙතෝදිස්ත සේවාවක් පවත්වන ලදී.

ජූලි 11 වෙනිදා, මිෂනාරිවරුන් ස්වදේශිකයන්ට ඉංග්‍රීසි උගන්වන පිණිස පාසැල් ආරම්භ කිරීම සඳහා ආණ්ඩුකාරවරයා විසින් කරන ලද ඉල්ලීම අනුව කටයුතු කරන ආකාරය තීරණය කිරීමට රැස්වීමක් පැවැත්විණි. එදින තිරණය කරගත් පරිදි මාතර දිසාවේ මෙතෝදිස්ත පාසලක් ආරම්භ කර ඉංග්‍රිසි භාෂාව සහ ක්‍රිස්තියානි දහම ඉගැන්වීම භාර කරන ලද්දේ ජෝර්ජ් අර්ස්කින් පුජකතුමන්ටය.

ඔහු මාතරට පැමිණීමෙන් පසු එවකට ලන්දේසි පල්ලියේ සිටි අයර්ලන්ත සභාවේ මිෂනාරිවරයෙකු වු ජර්මානු ජාතික  ජේ.ජී අර්හාට් නව මෙතෝදිස්ත මිෂනාරිවරයා සමග ඉතා සුහදශිලි සම්බන්ධතාවයක් ඇති කරගත් අතර, ඔවුන් නොපමාව යෝජිත ඉංග්‍රිසි පාසල ආරම්භ කිරීමට කටයුතු සිදුකරන ලදී.

ඒ අනුව, එළබෙන පළමු ඉරු දින හෙවත් 1814 අගෝස්තු 07 දින ජෝර්ජ් අර්ස්කින් පුජකතුමන් විසින් මාතර ලන්දේසි බලකොටුවේ පිහිටි ලන්දේසි පල්ලියේදි පළමු මෙතෝදිස්ත දේව මෙහෙය පවත්වන්නට ලදුව, ඉනික්බිති 1814 අගෝස්තු 08 සදුදා දින මාතර මෙතෝදිස්ත පාසල ආරම්භ කිරීමට කටයුතු කරන ලදී.

මිෂනාරී වාර්ථා සහ අනෙකුත් ඉතිහාසය සාධක අනුව, මෙය ලංකාවේ ආරම්භ කරන ලද දෙවන ඉංග්‍රිසි පාසලයි. එය මාතර මෙතෝදිස්ත පාසල ලෙස නම් කෙරුණි. ආරම්භයේදී ස්වදේශික උසස් පවුල්වල දරුවන් හට මෙම පාසලේ අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව හිමිවී ඇත.

එසේ ආරම්භ කරන ලද මෙම පාසල පුරා මාස 09 අධික කාළයක් ඉතා සාර්ථක අයුරින් මෙහෙයවීමට අර්ස්කින් පුජකතුමන් විසින් කටයුතු කර ඇත. 1815 මැද භාගයේදී අර්ස්කින් පුජකතුමන් උණ රෝගයක් හේතුවෙන් දැඩි ලෙස රෝගාතුර වීම හේතුවෙන් වෛද්‍ය ප්‍රථිකාර සදහා නැවත ගාල්ලට ගිය බව සදහන් වේ. ඒ හේතුවෙන් මෙම පාසල තාවකාලිකව නවතා දැමීමට සිදුවිය.

1817 දී නැවත මාතර මෙතෝදිස්ත පාසල ආරම්භ කිරීමට වෙස්ලියන් මෙතෝදිස්ත සභාව තීරණය කරන ලදුව, ජෝන් කොලවේ (Mr. Callaway) නම් පුජකතුමන් 1817 ජුලි මැද භාගය වනවිට මාතරට පැමිනියේය. 1817 අගෝස්තු මුල් භාගයේදී කොලවේ පුජකතුමන් විසින් මෙම පාසල නැවත ආරම්භ කර ඇත.

Old School