ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

ද්වි ශතක අභිමන් පාගමන - 2018

මුල් පිටුව /  ආදි ශිෂ්‍ය සංගමය /  ද්වි ශතක අභිමන් පාගමන - 2018

ද්වි ශතක අභිමන් පාගමන - 2018

ද්වි ශතක අභිමන් පාගමන - 2018

මාතර ජනාධිපති විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද “ද්විශතක අභිමන් පා ගමන” 2018 ජුනි මස 24 වෙනි දින අති සාර්ථක අයුරින් අවසන් කිරීමට හැකිවිය. මාතර රාහුල විද්‍යාලය අසලින් ගමන් ආරම්භ කර මාතර මහින්ද විජේසේකර ක්‍රිඩාංගණය දක්වා පැමිණි පාගමන නගරයේ සිත්ගන්නා ස්වභාවයක් ඇති කරන ලදී. මේ සදහා පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ආදිශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් ඇතුළුව දෙදහසකට අධික පිරිසක් සහභාගී විය. විශේෂයෙන්ම වාර්ෂිකව මාතර නගරයේ ප්‍රසිද්ධ පාසල් 06 ක් විසින් පාගමන් සංවිධානය කරන නමුත්, අන් කවරකටත් වඩා මනා සංයමයකින් සහ හැදියාවකින් යුතුව පැවැත්වු පලමු පාසල් පා ගමන ලෙස කාගේත් අවධානයට සහ පැසසුමට ලක්වීමද මෙහි එක් විශේෂත්වයකි.