ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

වර්ණාභිශේක 2017 - වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවය

මුල් පිටුව /  පුවත් /  වර්ණාභිශේක 2017 - වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවය

වර්ණාභිශේක 2017 - වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවය

වර්ණාභිශේක 2017 - වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවය

මාතර ජනාධිපති විද්‍යාලයේ 2017 වර්ෂය සදහා වු වර්ණ ප්‍රදානෝත්සවය දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී අමාත්‍යවරයාගේ සුරතින් 2017 වර්ෂයේ දස්කම් දැක්වු දුවා දරුවන් 186 දෙනෙකුට ත්‍යග සහ සහතිකපත් ලබා දීම සිදුවිය. සර්ව ආගමික පුජකවරු, මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා හර්ෂණි ආරියරත්න, මාතර සෙසු පාසල් විදුහල්පතිවරුන්, විශ්‍රාමික විදුහල්පතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් මේ සදහා එක්ව සිටියහ.

මෙහිදී ගරු අමාත්‍යතුමන් අතින් පාසලේ නව වෙබ් අඩවිය එළි දැක්වීම සිදුකෙරුණු අතර, එය පාසලේ ආදිශිෂ්‍ය සංගමයේ මුලිකත්වයෙන් නිර්මාණය කර තිබුණි.

පාසලේ විදුහල්පති චමින්ද ගුණවර්ධන මහතා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය, පාසල් සංවර්ධන කමිටුව සහ ආදිශිෂ්‍ය සංගමය මෙම උත්සවය සංවිධානය කර තිබුණි.