මාතර ජනාධිපති විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරු මහත්ම මහත්මීන් විසින් පාසලට සිදුකරන ලද සේවය අගය කිරීමක් වශයෙන් ‘ප්‍රතිභා ප්‍රණාම 18’ වාර්ෂික ගුරු උපහාර උළෙල 2018 නොවැම්බර් මස 02 දින විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ජය ලැබු පාසලේ සිසු දරු දැරියන්ගේ දෙමාපියන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබු අතර, ප්‍රාථමික අංශයේ ගුරු මහත්ම මහත්මීන් සදහා සමරු තිළිණ සහ ත්‍යාග ප්‍රධානයක් සිදු කෙරිණ. පාසලේ විදුහල්පති සී ගුණවර්ධන මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වු අතර, විශ්‍රාමික විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලය සහ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මේ සදහා සහභාගී වී සිටියහ.