ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

ආදි ශිෂ්‍ය සුහද ක්‍රිකට් තරගාවලිය

මුල් පිටුව /  පුවත් /  ආදි ශිෂ්‍ය සුහද ක්‍රිකට් තරගාවලිය

ආදි ශිෂ්‍ය සුහද ක්‍රිකට් තරගාවලිය

ආදි ශිෂ්‍ය සුහද ක්‍රිකට් තරගාවලිය

ආදි ශිෂ්‍යයින් ප්‍රවර්ධනය කිරීමට සහ ඔවුන්ගේ සුහදතාවය වර්ධනය කර ගැනීම සදහා ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද සැහැල්ලු පන්දු සුහද ක්‍රිකට් තරගාවලිය 2018 නොවැම්බර් මස 24 වන දින මාතර මහින්ද විජේසේකර ක්‍රිඩාංගණයේදී දවස පුරා උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට යෙදුණි. පාසලේ ගරු විදුහල්පතිතුමා මෙන්ම වත්මන් ආදිශිෂ්‍ය සංගමයේ ගරු සභාපති ධුරන්දර චමින්ද ගුණවර්ධන මහතා සහ හිටපු විදුහල්පති ඩී සුදුසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් තරගාවලිය ආරම්භ කරන ලදී. විවිධ වයස් කාණ්ඩ නියෝජනය කරමින් ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුන්සීයකට අධික පිරිසක් මේ සදහා සහභාගී වු අතර, පාසල හැරගිය වසර යටතේ තරගාවලිය සදහා කණ්ඩායම් නම්කර තිබුණි. සීමිත ඕවර තරගාවලියක් ලෙස පැවැත්වීම හේතුවෙන් මෙම තරගාවලිය ආරම්භයේ පටන් උද්වේගකාරී ස්වරෑපයක් ගත් අතර, වට හයකින් සමන්විත වු තරගාවලියේ 2003 කණ්ඩායම සහ 2013 කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදී. එම තරගය අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අතහැර දැමීමට සිදුවු අතර සම ජයග්‍රාහකයින් ලෙස කණ්ඩායම් දෙකටම කුසලාන හා සහතිකපත් පිරිනැමීම සිදු කෙරුණි. මෙම තරගාවලියේ මාධ්‍ය අනුග්‍රහය හිරු ටීවි ආයතනය සිදුකරන ලදී.