ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

නදීෂ ලක්මිණ සිසුවාගෙන් තවත් රන් පදක්කමක්

මුල් පිටුව /  පුවත් /  නදීෂ ලක්මිණ සිසුවාගෙන් තවත් රන් පදක්කමක්

නදීෂ ලක්මිණ සිසුවාගෙන් තවත් රන් පදක්කමක්

නදීෂ ලක්මිණ සිසුවාගෙන් තවත් රන් පදක්කමක්

මාතර කොටුව ජනාධිපති විද්‍යාලයේ තුන්වන (03) ශ්‍රේණියේ ඉගෙනුම ලබන නදීෂ ලක්මිණ සායක්කාර පුතණුවන් විසින් මෙවර කොරියානු තානාපති සහ කුකිවොන් කුසලාන ටයිකොණ්ඩො තරගාවලියේ අවු. 09 කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීමට සමත්විය.

මෙම තරගාවලිය දෙසැම්බර් 15 දින සිට 20 දින දක්වා ක්‍රිඩා අමාත්‍යංශ ගෘහස්ථ ක්‍රිඩාංගණයේ සහ රාජකීය විද්‍යාලීය ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී පැවැත්වුණ අතර දිවයිනේ නන් දෙසින් පැමිණි ක්‍රිඩක ක්‍රිඩිකාවන් 2000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

කොරියානු තානාපති සහ කුකිවොන් කුසලාන ටයිකොණ්ඩො තරගාවලිය, කුකිවොන් තනාපති කාර්යාලය හෙවත් ලෝක ටයිකොන්ඩො මුලස්තානය සමග සම්බන්ධිකරණය වෙමින් ශ්‍රි ලංකා ටයිකොණ්ඩො සංවිධානය සහ ක්‍රිඩා අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබයි. ලෝකයේ අංක එකේ සටන් කළාව ලෙස කිරුලු දරණ ටයිකොණ්ඩෝ ක්‍රිඩාව කොරියාවේ උපන් ක්‍රිඩා ශෛලියක් වන අතරම කොරියාවේ ජාතික ක්‍රිඩාව ද වේ.