ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

Annual Sport Meet - 2019

මුල් පිටුව /  පුවත් /  Annual Sport Meet - 2019

Annual Sport Meet - 2019

Annual Sport Meet - 2019

මාතර කොටුව ජනාධිපති විද්‍යාලීය වාර්ෂික නිවාසාන්තර මළල ක්‍රිඩා උළෙල පෙබරවාරි මස 15 වන දින මාතර සනත් ජයසුරිය ක්‍රිඩාංගණයේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්විණ. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය ගරු චන්දිමා රාසපුත්‍ර මහතා සහභාගී වු අතර මාතර කළාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා සහ සහෝදර පාසල්වල විදුහල්පති වරුන් ඇතුළු සම්භාවණීය අමුත්තන් රාශියක් මෙම උත්සවය සදහා සහභාගී වී සිටියහ. පාසලේ විදුහල්පතිතුමන් ආචාර්ය මණ්ඩලය, පාසල් සංවර්ධන කමිටුව සහ ආදිශිෂ්‍ය සංගමය මෙම ක්‍රිඩා උළෙල සංවිධානය කර තිබුණි. වසර ගණනාවකට පසු පාසලේ නිවාසාන්තර මළල ක්‍රිඩා උළෙලක් සංවිධානය කිරීමේ පුරෝගාමියා වු වත්මන් විදුහල්පති සී. ගුණවර්ධන මහතා මෙහිදී කාගේත් පැසසුමට ලක්විම විශේෂත්වයකි.