ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

ඩබ්.ඩබ්.ඒ. පියසිරි

මුල් පිටුව /  අපි ගැන /  ඩබ්.ඩබ්.ඒ. පියසිරි
ඩබ්.ඩබ්.ඒ. පියසිරි

 

දකුණු ලක පළාත් සභා පාසල් සමුහය අතර ප්‍රමුඛ නමක් දිනාගත් මාතර කොටුව ජනාධිපති විද්‍යාලය විවිධ ක්ෂේස්ත්‍ර හරහා ජාතික මට්ටමේ ඇගයීමට පත්වු පාසලකි. නැණ ගුණ දමින් යුත් විශිෂ්ටයකු විශ්වයට දයාද කිරීමේ දැක්මකින් හෙබි හා එම දැක්ම ඉටුකර ගැනීමේ විශාල වගකීමක් පැවරී ඇති ප්‍රාථමික අංශයේ නියෝජ්‍ය විදුහල්පති ලෙස සේවය කිරීමට ලැබීම ගැන සතුටු වෙමි.

මුළු මහත් විශ්වයම ගෝලියකරණය වෙමින් පවතින අවධියක අද, හෙට ලොව දකින නිර්මාණාත්මක චින්තනයකින් හා සමබර පෞරශයකින් හෙබි සමාජයට ඵළදායී දරුවෙකු බිහි කිරීමේ අරමුණිනන් කටයුතු කරන කොටුව ජනාධිපති විදුහලට නිල වෙබ් අඩවියක් ආරම්භ කිරීමට කටයුතු කිරීම අතිශයින්ම අගය කළ යුතු විශිෂ්ට ඉදිරි පියවරකි.

අන්තර්ජාලය ප්‍රමුඛ සන්නිවේදන තාක්‍ෂණය දරුවන්ට මෙහෙයවීමට මෙමගින් අවස්ථාව ලැබෙන අතර නිසි දැක්මක් ඔස්සේ භාවිතා කිරීම තුළින් දැනුම, ආකල්ප, කුසලතා හා සමබර පෞරෂයකින් යුක්ත සමාජ හිතකාමී දරුවෙකු අප පාසල මගින් සමාජයට දයාද කිරීමට හැකිවනු ඇත.

මෙම නිල වෙබ් අඩවිය නිර්මාණය සදහා දායකත්වය දැරූ සියලු දෙනාට මාගේ ගෞරවය හා ස්තූතිය පිරිනමන අතර, ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනය කරමි.

වෙනත් නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගේ සුභාශිංසන පණිවිඩ

ටෙක්ලා මදනායක

ටෙක්ලා මදනායක

වසර 200කට වැඩි අභිමානවත් ඉතිහාසයක් සමරන මාතර ජනාධිපති විද්‍යාලය නොයෙක් පැතිකඩ හරහා ශ්‍රී ලංකාද්වීපය තුළ තම නම විරාජමාන කරවමින් වැජබේ. මෙවන් අවධියක මෙම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනියක ලෙස කටයුතු කරන්නට ලැබීම මට මහත් ගෞරවයක් මෙන්ම…

ජීජී ප්‍රබීතා චතුරානි

ජීජී ප්‍රබීතා චතුරානි

මාතර ජනාධිපති විද්‍යාලය යන නමින්, ආදි ශිෂ්‍ය සංගමය විසින් වෙබ් අඩවියක් ආරම්භ කිරීමට ගන්නා මෙම උත්සහය අගය කළ යුතු කරුණකි. ජනාධිපති විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරියක් වහයෙන් සේවය කරන මා 2013 වසරේ උප ගුරුවරියක වශයෙන් අනුයුක්ත…