ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

ජීජී ප්‍රබීතා චතුරානි

මුල් පිටුව /  අපි ගැන /  ජීජී ප්‍රබීතා චතුරානි
ජීජී ප්‍රබීතා චතුරානි

 

මාතර ජනාධිපති විද්‍යාලය යන නමින්, ආදි ශිෂ්‍ය සංගමය විසින් වෙබ් අඩවියක් ආරම්භ කිරීමට ගන්නා මෙම උත්සහය අගය කළ යුතු කරුණකි. ජනාධිපති විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරියක් වහයෙන් සේවය කරන මා 2013 වසරේ උප ගුරුවරියක වශයෙන් අනුයුක්ත සේවය සදහා මෙම විද්‍යාලයට පැමිණි අතර, ඒ අවධියේදී මා නවක ගුරුවරියක් වහයෙන් ජනාධිපතිය තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය මෙන්ම වෙනත් බාහිර අංශයන්ගේද වෙනත් පාසල් තුල දැකිය නොහැකි සම්ප්‍රදායන් රැසක් දක්නට ලැබුණි. ඒ සම්ප්‍රදායන් ඉතා ප්‍රසන්න වු නිසා මා සිත මෙම විද්‍යාලය කෙරෙහි දැඩි බැදීමක් ඇති කරන්නට සමත්විය.

2015 වර්ෂයේ පැවති විදුහල්පති විභාගයෙන් සමත්වීම නිසා ගුරු සේවයෙන් නිදහස් වු මා විදුහල්පති 3 ශ්‍රේණියට ඇතුළත් විය. දෛවයේ ආශිර්වාදයක් සේ 2017 ජනවාරි 25 දින මා මාතර ජනාධිපති විද්‍යාලයේම නියෝජ්‍ය විදුහල්පතිනියක් ලෙස සේවය කරන්නට වරම් ලැබුණි.

ජනාධිපති විද්‍යාලයටම අවේනික වු සම්ප්‍රදායන් තුළ ඉවත් කළ යුතු අංග ඉවත් කරමින් ඒ සදහා නව අංග එක් කරමින් වත්මන් නායකත්වය විසින් ගෙන යනු ලබන පරිවර්ථන ක්‍රියාවලියේදී සක්‍රිය දායකත්වයක් සැපයීම මාගේ ඒකායන අරමුණයි. මේ සදහා අපට නිරන්තරයෙන් ශක්තියක්වන පාසලේ ගුරු සිසු සැමටත්, දෙමාපියන්, ආදිශිෂ්‍ය ප්‍රජාවටත් අප හා එක්වන ලෙසට ගෞරවයෙන් ආරාධනා කරමි.

වෙනත් නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගේ සුභාශිංසන පණිවිඩ

ඩබ්.ඩබ්.ඒ. පියසිරි

ඩබ්.ඩබ්.ඒ. පියසිරි

දකුණු ලක පළාත් සභා පාසල් සමුහය අතර ප්‍රමුඛ නමක් දිනාගත් මාතර කොටුව ජනාධිපති විද්‍යාලය විවිධ ක්ෂේස්ත්‍ර හරහා ජාතික මට්ටමේ ඇගයීමට පත්වු පාසලකි. නැණ ගුණ දමින් යුත් විශිෂ්ටයකු විශ්වයට දයාද කිරීමේ දැක්මකින් හෙබි හා එම දැක්ම ඉටුකර…

ටෙක්ලා මදනායක

ටෙක්ලා මදනායක

වසර 200කට වැඩි අභිමානවත් ඉතිහාසයක් සමරන මාතර ජනාධිපති විද්‍යාලය නොයෙක් පැතිකඩ හරහා ශ්‍රී ලංකාද්වීපය තුළ තම නම විරාජමාන කරවමින් වැජබේ. මෙවන් අවධියක මෙම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනියක ලෙස කටයුතු කරන්නට ලැබීම මට මහත් ගෞරවයක් මෙන්ම…