ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

ටෙක්ලා මදනායක

මුල් පිටුව /  අපි ගැන /  ටෙක්ලා මදනායක
ටෙක්ලා මදනායක

 

වසර 200කට වැඩි අභිමානවත් ඉතිහාසයක් සමරන මාතර ජනාධිපති විද්‍යාලය නොයෙක් පැතිකඩ හරහා ශ්‍රී ලංකාද්වීපය තුළ තම නම විරාජමාන කරවමින් වැජබේ. මෙවන් අවධියක මෙම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනියක ලෙස කටයුතු කරන්නට ලැබීම මට මහත් ගෞරවයක් මෙන්ම ආඩම්බරයකි. පාසලේ සියලු තොරතුරු කැටිකර ගනිමින් මව් බිම තුළ පමණක් නොව ලොව පුරා අප පාසලේ තොරතුරු බෙදාහරින්නට වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට සුදානම් වන මේ මොහොතේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය ලෙස ශුභාසිංසන එක් කරන්නේ හදපිරි සතුටෙනි.

ගෝලියකරණ සංකල්පය හමුවේ විශ්වය එකම ගම්මානයක් වෙමින් පවත්නා අවදියක අපද හුදෙකලා නොවෙමින් ඔවුන් සමග විශ්වය පුරාවට අත්වැල් බැද ගැනීම කාලීන අවශ්‍යතාවයකි. නැතහොත් අප හුදෙකලා වෙනු ඇත. අපගේ පාසලේ අතීතයේ සිට සියලු තොරතුරු එක පෙලට පෙල ගස්වා පාසලේ අභිමානය කොටු පවුරෙන් ඔබ්බට පමණක් නොව විශ්වය පුරාවට බෙදාහැරීමට මෙම අවස්ථාව කදිම අත්වැලකි. පෙර අපරදිග සංගීතය, සාහිත්‍ය, කථිකත්වය නාට්‍ය යනාදී සමබර පෞරෂයක් ගොඩනැගීමට උපකාරීවන සෑම අංශයකින්ම අප පාසලේ දරුවන් සමස්ථ ලංකා තරගවලින් ප්‍රථමස්ථානය ලබාගෙන විජයග්‍රහණය කරයි. එය අපට මහත් ආඩම්බරයකි.

මෙම සුවිශේෂි ජයග්‍රහණ පමණක් නොව ඵලදායී අංශයෙන් හා සෞඛ්‍ය ප්‍රවර්ධන අංශවලින් සමස්ථ ලංකා ජයග්‍රහණ ලබා පාසල් මැණියන්ගේ නම බබළවයි.
තව තවත් ජයග්‍රහණ ලබා ගැනීමට අනෙකුත් පාසල්වලින් ද මේ හරහා නව මං පෙත් විවරවනු ඇත. මෙම සියලු තොරතුරු කැටිකරමින් නව වෙබ් අඩවියක් ඇරඹීම පාසලේ කාලීන අවශ්‍යතාවයකි.

වෙනත් නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගේ සුභාශිංසන පණිවිඩ

ඩබ්.ඩබ්.ඒ. පියසිරි

ඩබ්.ඩබ්.ඒ. පියසිරි

දකුණු ලක පළාත් සභා පාසල් සමුහය අතර ප්‍රමුඛ නමක් දිනාගත් මාතර කොටුව ජනාධිපති විද්‍යාලය විවිධ ක්ෂේස්ත්‍ර හරහා ජාතික මට්ටමේ ඇගයීමට පත්වු පාසලකි. නැණ ගුණ දමින් යුත් විශිෂ්ටයකු විශ්වයට දයාද කිරීමේ දැක්මකින් හෙබි හා එම දැක්ම ඉටුකර…

ජීජී ප්‍රබීතා චතුරානි

ජීජී ප්‍රබීතා චතුරානි

මාතර ජනාධිපති විද්‍යාලය යන නමින්, ආදි ශිෂ්‍ය සංගමය විසින් වෙබ් අඩවියක් ආරම්භ කිරීමට ගන්නා මෙම උත්සහය අගය කළ යුතු කරුණකි. ජනාධිපති විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරියක් වහයෙන් සේවය කරන මා 2013 වසරේ උප ගුරුවරියක වශයෙන් අනුයුක්ත…